Life
නිවැරැදිව හඳුනාගෙන ප්‍රතිකාර කළයුතු අම්ලපිත්ත රෝගය
අම්ලපිත්තය හෙවත් ගැස්ට්‍රයිටීස් රෝගයෙන් පීඩා විඳින පිරිස දිනෙන් දින
ඉහළ යන්නට පටන් ගෙන ඇත. අප ගනු ලබන ආහාරපාන මෙන්ම ශරීරයේ පවතින රෝග
තත්ත්වයන් නිසාද මෙම රෝගය මතුවීමට බලපායි. එබැවින් අම්ලපිත්ත රෝගය ගැන අපි
නිවැරැදි අවබෝධයක් ලබාගනිමු.
වෛද්‍යතුමියනි අම්ලපිත්ත රෝගය මතුවීමට බලපාන හේතු මොනවාද?
අප ගනු ලබන ආහාර දිරවන්නේ ශරීරයෙන් නිපදවන අග්නිය මගිනි. එය අම්ල තත්ත්වයට පත්වීම නිසා ආහාර දිරවීම අපහසු වේ.
අම්ලපිත්තයේ දොaෂය පිතයි. වා සෙම් දෙකද පිත ප්‍රධානකොට ක්‍රියා කරයි.
අම්ලපිත්ත
රෝගයේදී ආමාෂයේ අම්ල බව වැඩිවීම නිසා ආහාර පල්වේ. එවිට ඇඹුල් රසට උගුරට
එයි. ඇඹුල් රස නැතත් නිතර ආහාර උගුරට ඒම පවතියි. උගුරේ හා පපුවේ දැවිල්ල,
බඩ පුරවා දැමීම, හිස කැක්කුම, ඇඟපත දැවිල්ල, හෘදය ප්‍රදේශයේ දැවිල්ල හා
වේදනාව, ද්රවමළ පිටවීම, මළබද්ධය, මළ පිටවන විට දැවිල්ල ආදී අපහසුතා හටගනී.
මෙවැනි රෝගීන් තමාට පිළිකාවක් හෝ හෘද රෝගයක් ඇතැයි සිතමින් ජීවිත කාලය පුරාම බියෙන් පසුවේ.
අම්ලපිත්ත
රෝගයේදී වාතය සහ සෙම ප්‍රධානවන නිසා මතුව ඇති රෝග තත්ත්වය අනුව රෝගියාට
මතුවන අපහසුතා ද විවිධය. එනිසා ඇතැම් වෛද්‍යවරුන්ට මෙය නිසි ලෙස තේරුම්
ගැනීමට නොහැකි වේ. එවිට රෝගියාට නිසි ප්‍රතිකාර නොලැබීම නිසා වෛද්‍යවරුන්
මාරු කරමින් නොයෙක් ප්‍රතිකාර සඳහා ගමන් කරයි. ඉන් සිදුවන්නේ රෝගය සුවවනු
වෙනුවට රෝගය උත්සන්න වීමයි. මෙවැනි අවස්ථාවලදී රෝගියා මානසිකවද බිඳවැටෙන
නිසා මෙම මානසික හේතුද රෝගය උත්සන්න වීමට බලපායි.
ඌර්ධවගත අම්ලපිත්තය
මෙම
තත්ත්වය මතුවන්නේ සෙම් දොaෂය අධික විටදීය. එවිට ආහාර ගැනීමේ අකමැත්ත
ඇතිවේ. බඩගින්න තිබුණත් ආහාර ගැනීමට අකමැතිය. සමහර අයට නිතර ආහාර ගත්තත්
බඩගිනි බව ඇතිවේ.
මෙවැනි රෝගීන්ට කොළ, කහ, නිල්, කළු පාටට වමනය
ඇතිවේ. පිටතින් තරමක් රතුපාට, ඇතුළතින් ලේ පාටවේ. මස් සේදූ වතුර මෙන්
කළුපාට හා රතු පාටවේ. ලුණු තිත්ත රස ඇතිවේ.
ආහාර ගෙන එය පැසුණු පසුද නැතහොත් ආහාර ගතයුතු වේලාවේදී ආහාර නොගැනීමෙන්ද ඇඹුල් වමනය මතුවේ.
උගුර, පපුව, බඩ යන තැන් දැවිල්ල හටගනී. අධික හිසරදය ඇතිවේ.
සෙම හා පිත ඇති අම්ලපිත්තය
සෙම
හා පිත ඇති අම්ලපිත්ත අවස්ථාවේදී අත්පා දැවිල්ල, නිතර බඩගින්න, කෑම
ගැනීමට තදබල ලෙස අකමැත්ත, උණ, සිරුර පුරා පැල්ලම් හට ගැනීම, මුළු ශරීරයම
තදවීම, බිබිලි හටගැනීම වැනි රෝග ගණනාවක් මතුවේ. මෙවැනි රෝගීන්ට හිරු
රශ්මියේ වැඩි වේලාවක් ගමන් කිරීමට නොහැකිය. උෂ්ණයෙන් පිත වැඩිවේ. ඒ නිසා
රෝගියාගේ ලේ රත්වීම නිසා අප්‍රාණිකත්වය ඇතිවේ.
අධෝගත අම්ලපිත්තය
අධෝගත
අම්ලපිත්තයේදී පිපාසය, දැවිල්ල, කරකැවිල්ල, ඔක්කාරය, ශරීරයේ සියලු තැන්
පළු හට ගැනීම, බඩගින්න නැතිකම, දහදිය ගැලීම, ඇඟපත කහපාට වීම ආදිය සිදුවේ.
වාතාධික අම්ලපිත්තය
වාතාධික අම්ලපිත්තයේදී නන්දෙඩවීම, මුර්ජාව පුපුරුගසන්නාක් බඳු වේදනාව, ඇඟපත පණ නැතිවීම ආදිය ඇතිවේ.
සෙම් සහිත අම්ලපිත්තය
සෙම්
සහිත අම්ලපිත්තයේදී සෙම කෑරීම, සෙම බේරීම, සිරුරේ බර බව, නොරිස්සීම, ඇඟපත
දුර්වලවීම, වමනය, මුඛයේ සෙම නිතර තිබීම, බඩගිනි අඩුකම, කැසිල්ල, නිදිමත යන
අපහසුතා මතුවේ.
අම්ලපිත්ත රෝගීන්ට නුසුදුසු ආහාර
අම්ලපිත්ත
රෝගයේ ප්‍රධාන දොaෂය පිත බැවින් විනාකිරි අඩංගු ද්‍රව්‍ය, ඉස්සෝ, දැල්ලෝ,
අධික අම්ල වර්ග, මත්පැන්, අධික මිරිස් සැර අඩංගු ආහාර, ක්ෂණික ආහාර වර්ග,
බීම වර්ග ආදී ද්‍රව්‍ය නොගත යුතුය.
නිසි ප්‍රතිකාර නොලැබුන විට
අම්ලපිත්ත
රෝගයේදී ගනු ලබන ආහාර ද්‍රව්‍ය නිසි පරිදි ජීර්ණය නොවීම නිසා ශරීරයේ ලේ
හිඟකම ඇතිවේ. එබැවින් ඇස් පෙනීම දුර්වලකම, හිසකෙස් අකලට වැටීම, සම
රැළිවැටීම, නිතර ක්ලාන්තය, කරකැවිල්ල ඇතිවේ.
ආමාශයේ තුවාල හට ගනී. එම තුවාල සඳහා නිසි ප්‍රතිකාර නොලැබීමෙන් කලක් ගත වන විට පිළිකා තත්ත්ව හටගත හැකිය.
අම්ලපිත්ත රෝගය ගැන වැඩිදුර තොරතුරු ලබා ගැනීමට දුරකථන අංක 077-0181010 ඇමතිය හැකිය.
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks